Read Basmathi Rice-දේශිය බාස්මතී සහල්

Rs 250.00

Highlights

Red Basmathi Rice-දේශිය බාස්මතී සහල්

Store
Category:

Description

හැමදාම සහල් කන ඔබ නොදැකපු දේ

නිරෝගී ජනතාවක් බිහි වීමට නම් අප නැවතත් අපට උරුමව තිබූ සැබෑ හෙළ සහල් වෙත ගමන් කල යුතුය. හැකිතාක් දුරට විවිධ රසායනික ද්‍රව්‍ය සහ පළිබෝධ නාශක යොදා පිරිසැකසූ සහල්  පරිභෝජනයෙන් ඈත් විය යුතුය. සහල්  වලට එක් වී ඇති කෘතිම පමණක් නොව ස්වභාවික විෂ වර්ග පිළිබඳවත් ඒවා හඳුනාගෙන එවැනි සහල්  පරිබෝජනයෙන් ඈත් වීම පිළිබඳවත් වඩ වඩාත් දැනුවත් විය යුතුය. මෙම අරමුණ වෙනුවෙන් දරන එක් වෑයමක් ලෙස අප මේ දේශිය බාස්මතී  සහල පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කරමු. අපට වස කවන සමාගම් වල ප්‍රචාරකවාදී යාන්ත්‍රණයන් අභිබවා යමින් සැබෑ ආහාරයේ වැදගත්කම සමාජ කතිකාවක් නිර්මාණය කිරීමටත් එමගින් සුවපත් සමාජයක් බිහිකර ගැනීමටත් සුලුවෙන් හෝ වෑයමක් දැරීමට අප අවස්ථාවක් කරගනිමු. 

ශ්‍රී ලාංකික ජනතාව වන අපගේ ප්‍රධාන ආහාරය බත වේ.

වත්මන් රටාවට අනුව අපට සිදුව ඇත්තේ වෙළදපලේ තිබෙන්නාවූ සහලක් මිලට ගෙන,එය පරිභෝජනය කිරීම පමණි

උතුරු මැද ප්‍රදේශයේ සාරවත් පොළොවේ පරිසරයට හිතකර පාරම්පරික වගා  උපක්‍රම හා දේශීය කාබනික පොහොර පමණක් භාවිතා කරමින් පාරම්පරික ගොවි පවුල් විසින් පාරම්පරික දේශීය බාස්මතී සහල වගාව කරගෙන  යනු ලැබේ .මෙම විශේෂිත   දේශිය බාස්මතී සහල  ග්ලයිසමික් දර්ශකය අඩු බැවින් එය දියවැඩියා රෝගීන් සඳහා පමණක් නොව ප්‍රතිකාරකයක් ලෙස ද මෙම දේශීය බාස්මතී සහල් නිර්දේශ කර ඇත.

නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න හෙළ ජාතියක් උදෙසා වස විසෙන් තොර හෙළ  සහල් ප්‍රවර්ධනය සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න

ඔබ සතු දැනුමෙන්, අත්දැකීම් වලින් උපරිම ලෙස දායක වන මෙන් ඉත සිතින් ඇරයුම් කර සිටිමු. 

දේශීය බාස්මතී සහල රුපියල් දෙසිය පනහකට( Rs. 250) වඩා අඩු මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට අප කටයුතු කරගෙන යනු ලැබේ ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ලබා දෙන්න

රසායනික ද්‍රව්‍ය හා පලිබෝධ නාශක වලින් නිෂ්පාදිත විදේශීය බාස්මතී සහල් පරිභෝජනය නතර කරමු. දේශීය බාස්මති සහල් පරිභෝජනයට පුරුදු වෙමු දේශීය දේ අගය කරමු

0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Read Basmathi Rice-දේශිය බාස්මතී සහල්”

No more offers for this product!