How to

We shop යනු අද රටේ ඇතිවී තිබෙන සෞඛ්‍යමය අනාරක්ශිත තත්වය පිලිබදව සැලකිල්ලට ගනිමින් වෙළඳුන් සහ පාරිභෝගිකයින් එකිනෙකා සම්බන්ධ කිරීම සදහා නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි. වෙලදසැල් හිමියන් හට We shop හි ලියාපදිංචි වී ඉතා පහසුවෙන් තමන්ගේම Online shop එකක් ආරම්භ කිරීමට පුළුවන්කම ඇත. අවශ්‍ය සියළුම තාක්ශණික සහල අප විසින් නොමිලේ ලබාදෙනු ලැබේ.

පාරිභෝගිකයින් හට නිවසේ සිටම තම ජංගම දුරකතනය හෝ පරිගණකය හරහා භාණ්ඩ ඇණවුම් කිරිමටත්, වෙළඳුන් හට තමන් වෙත ලැබුණ ඇණවුම් නිසි පරිදි කළමණාකරනය කරමින් බෙදා හැරීමටත්, පාරිභෝගිකයින් සහ වෙළඳසැල් අතර පණිවුඩ හුවමාරු කර ගැනීමටත් අවශ්‍ය කරන පහසුකම් සියල්ල මෙමගින් සැපයේ.

පහල තියෙන “ඔන්ලයින් කඩයක් දාන්න” එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න. එතකොට ඔක්කොම විස්තර එක්ක මේල් එකක් එවනවා අපි. ඔයාට රෙජිස්ටර් වෙන්න තේරෙන්නෙ නැත්තම් හරි, තියෙන බඩු ටික ලිස්ට් කරගන්න උදව් ඕනනම් අපිට කියන්න “උදව් අවශ්‍යයි” එක ක්ලික් කරන්න

https://www.weshop.lk/vendor-register

අයිතමයන් එකතු කිරීම පිලිබද උපදෙස් මාලාවක් ඔබ වෙත ඊ මේල් මගින් එවනු ලබන අතර. එසේ නොමැති වුවද ඔබගේ ගිණුමට ලොග් වීමෙන් පසුව https://www.weshop.lk/store-manager/ වෙත ගොස්. Products > Add new select කර අයිතමයන් එකතු කිරීම සිදු කල හැකිය. අයිතමයන් එකතු කිරීමෙදී පාරිභෝගිකයින්ගේ පහසුව පිණිස භාණ්ඩයේ නිවැරදි නම, පැහැදිලි පින්තූරයක්, නිවැරදි මිළ සදහන් කිරීමට හා ගැලපෙන categories තේරීමට කාරුණික වන්න.

ශ්‍රී ලංකාව තුල විකිණීමට නීතියෙන් තහනම් නැති ඕනෑම අයිතමයක් වෙශොප් හරහා විකිණිය හැකි අතර. විකුණනු ලබන භාණ්ඩ වල ගුණාත්මක භාවය හා නීතිමය පසුබිම පිළිබද සම්පූර්ණ වගකීම වෙලදැසැල් හිමියා සතුවේ.

අප විසින් විකුණූ භාණ්ඩ delivery කිරීම කරනු නොලබන අතර එම පහසුකම් වෙලදසැල් හිමියා විසින් පෞද්ගලිකව සපයා ගත යුතුය. යම් ප්‍රදේශයන් සදහා භාණ්ඩ delivery කල හැකි නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් delivery partners පිටුවේ ප්‍රදර්ශනය කර ඇත.

Delivery Partners

මීට අමතරව වෙනත් ප්‍රශ්න තිබේනම් 0776665624 අංකයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් හෝ Whatsapp මගින් හෝ, වෙබ් අඩවියේ ඇති Live chat මගින් හෝ [email protected] හරහා අපව සම්බන්ධ කරගැනීමට හැකිය.